
ටී අයිඑන් අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැති වීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවද එම ආරංචි මාර්ග කියයි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය වයස 18ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි 1 වැනිදාට අනිවාර්යයෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර, මුලින් පෙබරවාරි 01 දක්වා කල් යන බව දන්වා තිබුණි. පසුව මතුවූ
ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයිද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් පුරවැසියන්ට ටී අයි එන් අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් 1 වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ග කියයි.