
එම අයැදුම්පත් අදාළ ක්‍රියාවලියේ විවිධ අදියරවල පවතින බව පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක් ලබාදී නැතැයිද සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අතුරලිය රතන හිමි මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවැසීය.
කැසිනෝ ශාලාවක් ලියාපදිංචි කරන්න අවුරුදු පහකට කෝටි පනහක් ගත්තා. මීට පස්සේ අලුතින් විවෘත කරනවා නම් කොටි පනහකට වැඩියෙන් ගන්න බලාපොරොත්තු වනවා.
වාර්ෂික ගාස්තුව කෝටි විස්ස කෝටි පනහක් කළා. ශ්‍රී ලංකා පුරවැසියකු කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම් රුපියල් දහසය දාහක් ගෙවන්න ඕන. ශ්‍රී ලාංකිකයන් මේවට යන එක මන්දෝත්සාහි කරන්න තමයි තීරණය ගත්තේ.හැකි තරම් කැසිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීම අරමුණයි. කැසිනෝ ශාලාවල ලාභය මත සියයට හතළිහක බද්දක් අය කරනවා. කැසිනෝ ශාලාවලින් රාජ්‍ය ආදායමට උපරිම බදු ගන්නවා.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval