
හෝමාගම – කටුවාන කර්මාන්තපුරයේ ක්ලෝරීන් කර්මාන්ත ශාලාවක ගිනිගැනීමක් නිසා පැතිරයන විෂ දුමාරයෙන් ආරක්සා වීමට අවට ප්‍ර දේශයේ ජනතාවට මුඛ ආවරණ පඳළින ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.
මීට මාස කිහිපයකට පෙර අවස්ථා දෙකක දී ගිනිගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඊයේ (07) රාත්‍රියේ ගිනි ගැනීමටකට ලක්ව ඇති අතර අධික දුමාරයක් පැතිරෙමින් පවතී.
කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා සේවකයින්ටද මේ පිළිබඳ දැනුවත් කර ඇති අතර සියලුදෙනාට මුඛ ආවරණ පැළඳ සේවයේ නිරතවන්නට උපදෙස් ලබාදී ඇත.
යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද දැනුම් දී ඇත.
අද (08) අලුයම සිට කර්මාන්තපුරයට කිසිවෙකුට ඇතුළු වීම තහනම් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval