
ජනඋදානගම ප්රදේශයේ තේවත්තක පිහිටි ජනෙල්, දොරවල් ඇතුළතින් වැසූ පාළු නිවසක තිබී අබිරහස් අන්දමින් මියගිය, දින 10ක් පැරණි පුද්ගල මළ සිරුරක් ඉංගිරිය පොලිසිය විසින් පෙරේදා (6) සොයාගෙන තිබේ. නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටි ඔහුගේ සිරුර අධික ලෙස නරක්ව එල්ලෙමින් තිබූ අතර, එලෙස ඔහු ගෙල වැලලා ගැනීමට තරම් හේතුවූ කරුණ කුමක්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙලෙස මියගොස් තිබූ පුද්ගලයා රුක්ගහ, මීගොඩ පදිංචිව සිටි ජී. සෝමසිරි නමැත්තෙකු බවත්, 62 හැවිරිදි ඔහු වෙනත් පුද්ගලයෙකුට අයත් මෙම තේ වත්තෙහි දලු නෙළීමෙහි නිරතව සිට ඇති බවත් පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සහ මහේස්ත්රාත් පරීක්ෂණයෙන්
අනතුරුව දේහය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර,
හොරණ රෝහලෙහි තැන්පත් කර ඇති දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යැවීමට පොලිසිය කටයුතු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval