
කාත්තන්කුඩි පොලිස් වසමේ, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස්, පහර දී, සමූහ දූෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට තරුණයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කළ විමසීමකදී කාත්තන්කුඩි පොලිසිය සඳහන් කළේ, ජන. 5 වන දා සවස් කාලයේදී මෙම අපරාධය සිදුව ඇති බව ය.
අදාළ දැරිය තමන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන තරුණයාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී ආරියම්පති සෙල්වනගර් ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනා ඇය පැහැර ගෙන ඒ අසල තිබුණු එක් සැකකරුවෙකුගේ නිවස වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
පැහැර ගැනීම සිදුවූ ස්ථානයේ සිට දැරිය රැගෙන ගිය නිවස වෙත ඇත්තේ මීටර් 50ක පමණ දුරක් බව ද පොලිසිය සඳහන් කළේ ය.
කාත්තන්කුඩි පොලිසිය තවදුරටත් සඳහන් කළේ, පැහැරගෙන යාම, පහර දීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යන චෝදනා සැකකරුවන් වෙත එල්ල වී ඇති බව ය.
දැරියගේ දෙමව්පියන් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර ඇති අතර මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
26 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු සහ 32 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසීය.
වින්දිත දැරිය පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකරුවන් ආරියම්පති සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය සඳහන් කළේ ය.
දැරිය මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි කාත්තන්කුඩි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(තාරක සම්මාන්)
Comments
Post a Comment
Your comment will be visible after approval