
මෙම මාරාන්තික සත්වයා අසල පිහිටි ඕස්ට්‍රේලියානු උරග උද්‍යානයේ මකුළු විශේෂඥයින් හට බාර දීමට පෙර ප්‍රාදේශීය රෝහලකට භාර දී ඇත.
ඉන් පසු නැවත උද්‍යානයට ගෙන ආ මකුළුවා ඔස්ට්‍රේලියාවෙන් හමුවූ විශාලතම පිරිමි නිදර්ශක හර්කියුලිස් බව ගණන් බලා ඇත.
කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හර්කියුලිස්ගේ විශාලත්වය මනින ලද අතර ඔහුගේ ඉදිරි පාදයේ සිට පසු පස පාදය දක්වා සෙන්ටිමීටර 7.9 (අඟල් 3.1) වී ඇත.
එය 2018 සිට උද්‍යානයේ පෙර වාර්තා වූ"කොලොසස්" නම් පිරිමි පුනීල වර්ගයේ මකුළුවා අභිබවා යන්නට සමත් වී ඇත.
පුනීල මකුළුවන් සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර 1 සිට පහ දක්වා වර්ධනය වන අතර ගැහැණු සතුන් සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා විශාල වන නමුත් මාරාන්තික නොවනු ඇත
සිඩ්නි අවට වනාන්තර ප්‍රදේශවල සහ තදාසන්න උද්‍යානවල ඔවුන් බහුලව වෙසෙන බව වාර්තා වී ඇත
දැවැන්ත මකුළුවෙක් වන හර්කියුලිස් මෑතකදී නව නිවසකට යනු ඇත .එහිදී ජීවිතාරක්ෂක ප්‍රතිවිෂ නිර්මාණය කිරීමේදී වැදගත් වන ප්‍රතිවිෂ වැඩසටහනට සහාය වීමට හැකිවනු ඇත
ඕස්ට්‍රේලියානු උරග උද්‍යානයේ මකුළු පාලකයෙකු වන එමා ටෙනි පවසා ඇත්තේ මේ තාක් උද්‍යානයට පරිත්‍යාග කලේ තරමක් විශාල පුනීල- මකුළුවන් වන බවත්, කිසි ලෙසකින් මෙවැනි මකුළුවෙකු මිට පෙර දැක නොතිබූ බවත්ය.
තවද ගැහැණු පුනීල-මකුළුවන් විෂ සහිත වන අතර, පිරිමින් වඩාත් මාරාන්තික බව එමා පවසා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval