
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මගින් කාන්තාවන් සේ රඟපාමින් පිරිමින්ගේ මුදල් කොල්ල කෑ දෙදෙනකු යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි.ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයකු නෙල්ලිඅඩි පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුවෝ පෙරේදා (30) වැනිදා අත්අඩංගුවට ගනු
ලැබූහ.පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ තමන් යාපනයට පැමිණ ඇත්තේ ෆේස්බුක් මගින් හඳුනාගත් තරුණිය හමුවීමට බවත් එහිදී එකවරම පැමිණි පිරිමි දෙදෙනකු තමන්ට ආයුධ පෙන්වා මුදල්, ජංගම දුරකතන ආදි සියල්ලම කොල්ල කා පලා ගිය බවය.
පසුව පැමිණිලිකරු ලබා දුන් තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩි පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් අතර සැකකරුවන් කොල්ලකන ලද මුදල් සහ ජංගම දුරකතන කිහිපයක්ද අත්අඩංගුවට ගනු ලැබීය.එහිදී සිදු කෙරුණ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ සැකකරුවන් මීට පෙරද අවස්ථා රැසකදී සමාජ මාධ්‍ය මගින් කාන්තාවන් ලෙස වෙස්වලා පිරිමින් යාපනයට ගෙන්වා ආයුධ පෙන්වා ඔවුන් සතුව ඇති සියලු දෑ කොල්ල කා පැන යන බවය. අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
රොමේෂ් මධුෂංඛ
Comments
Post a Comment
Your comment will be visible after approval