
සඳුදා දිනයේ සම්මත කරන ලද වැට්බදු සංශෝධනය අනුව එළැඹෙන ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද 18% තෙක් ඉහල නැංවේ.
වැට් බද්ද අදාන නොවන භාණ්ඩ සේවා ලයිස්තුවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ අතර තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළත් කර තිබේ.
විදුලිය සහ විදුලි බෙදාහැරීම්, බොර තෙල්, භූමිතෙල්, රූපලාවණ්‍ය ඖෂධ නිෂ්පාදන, ඖෂධ වැට් බද්දෙන් නිදහස්කර තිබේ.
එමෙන්ම රෝද පුටු, කිහිලිකරු, කෘත්‍රීම අත් පා සහ ශ්‍රවණාධාර උපකරණද වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ යටතට අයත් වෙයි.
රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් රෝහල් සත්කාරක සේවා, රසායනික පොහොර හැර අනෙකුත් පොහොර වර්ග මෙන්ම අත් යන්ත්‍ර රෙදිපිළිද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.
එමෙන්ම කුලී රථ හා සංචාරක ප්‍රවාහන රථ හැර අනෙකුත් පොදු ප්‍රවාහන ප්‍රවාහන සේවා සහ මූල්‍ය සේවාවන්ද වැට් බද්දෙන් නිදහස් වෙයි.
එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,



Comments
Post a Comment
Your comment will be visible after approval