tanzania-flood

උතුරු ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් ඇති වූ නායයෑම් තත්වයක් නිසා අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තවත් 85 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ප්‍රාදේශීය නිලධාරියෙකු  වාර්තා කර ඇත.

ඩොඩෝමා අගනුවරට උතුරින් කිලෝමීටර් 300ක් (සැතපුම් 186ක්) ඈතින් පිහිටි කටේෂ් නගරයට සෙනසුරාදා අධික වර්ෂාවක් ඇති වූ බව දිස්ත්‍රික් කොමසාරිස් ජනෙත් මයංජා ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය. උතුරු ටැන්සානියාවේ මාන්යාරා ප්‍රදේශයේ ප්‍රාදේශීය කොමසාරිස් සෙන්ඩිගා රැජින ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් “මේ වන විට වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව 47 ක් සහා තුවාල ලැබූ සංඛ්‍යාව 85ක් වන නමුත්,  ඉදිරියේ දී මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීය.



ප්‍රදේශයේ මාර්ග රැසක් මඩ, ජලය සහ ගස් ගල් කඩා වැටීමෙන් අවහිර වී ඇති බව මයංජා වැඩිදුරටත් පැවසූ අතර,  පශු සම්පත් ද ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

Cop28 දේශගුණික සමුළුව සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින ටැන්සානියාවේ ජනාධිපති Samia Suluhu Hassan විසින් ඇයගේ ශෝකය ප්‍රකාශ කර ඇති අතර,  "විපතට පත් වූවන් ගලවා ගැනීම සඳහා රජයේ ප්‍රයත්නයන්" යෙදවීමට ද නියෝග කළාය.

රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන TBC විසින් විකාශය කරන ලද  රූපරාමු වල , ගංවතුරට ලක් වූ බොහෝ නිවාස සහ වාහන ඝන මඩ තට්ටු වල සිරවී ඇති බව පෙන්නුම් කළේය.

නැගෙනහිර අප්‍රිකාව පෙර නොවූ විරූ නියඟයක් අත්විඳීමෙන් පසු, මේ වන විට සති කිහිපයක ධාරානිපාත වර්ෂාවෙන් හා ගංවතුරෙන් පීඩා විඳිති.

වර්ෂාව හේතුවෙන් සෝමාලියාවේ මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර සිය ගණනක් මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.

මැයි මාසයේදී ධාරානිපාත වර්ෂාව නිසා රුවන්ඩාවේ ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන්  අවම වශයෙන් පුද්ගලයින් 130 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

දේශගුණික බිඳවැටීම හේතුවෙන් වඩාත් තීව්‍ර හා නිතර නිතර ආන්තික කාලගුණික සිදුවීම් ඇති කරන බව විද්‍යාඥයෝ පවසති. ඊට ප්‍රතිචාර වශයෙන්, අප්‍රිකානු නායකයින් දේශගුණික අර්බුදයට අරමුදල් සැපයීම සඳහා නව ගෝලීය බදු සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වෙනස්කම් සඳහා උනන්දු වෙමින් සිටියි.