
දෙහිවල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වැල්ලවත්ත මුහුදුබඩ ප්‍රදේශයේදී ඉකුත් 1දා ගැටී ඉන්දියානු ජාතික ඉංජිනේරුවකු (57) මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ ජෝසි විජේස්වර් රත්නචන්ද්‍රන් නමැති පුද්ගලයෙකි.
මෙම ඉන්දියානු ජාතිකයා තම බිරිඳ සහ මිතුරන් කීප දෙනකු සමග වැල්ලවත්ත හෝටලයකින් රාත්‍රී ආහාර ගෙන ඇත.පසුව ඔහු රාත්‍රී 10.00 ට පමණ බිරිඳ සමග මුහුදු වෙරළේ ඇවිදීමට ගොස් නැවත රාත්‍රී 11.05 ට පමණ හෝටලය බලා පැමිණීමේදී ඇති වූ හදිසි අවශ්‍යතාවක් මත බිරිඳ මුහුදු වෙරළේ සිටින අතරතුර සැමියා දුම්රිය මාර්ගය දෙසට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ගයාන් සූරියආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval