
කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාර වෙල නිවසට පැමිණ සිටිය දී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක පෙරේදා (26) රාත්‍රී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ලැල්ල පදිංචිව සිටි සඳුනි සුලෝචනා නමැති විසි හතර හැවිරිදි නවක පත්වීම ලාභී හෙදියක බව ද පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයට මීට මසකට පමණ පෙර නවක පත්වීම් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවාය.
ඇය ඉකුත් 25 වැනිදා නිවාඩු ලබා බණ්ඩාරවෙල මකුල් ඇල්ල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගි වී බණ්ඩාර වෙල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලිසිය පැවසීය.
දේහය බණ්ඩාරවෙල දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර
එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
Comments
Post a Comment
Your comment will be visible after approval