
මාරවිල පොලිස් වසමට අයත් මූදුකටුව මුහුදු තීරයේ දිය නෑමට ගොස් රළ පහරට ගසාගෙන යාමෙන් පාසල් සිසුවකු අතුරුදන්ව තවත් සිසුන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. 27 වෙනි දින සවස මෙම අනතුර සිදුව ඇත.
මෙසේ අතුරුදන් වී ඇත්තේ උතුරු මූදූකටුව ප්‍රදේශයේ පදිංචි මූදුකටුව ෆාතිමා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන එම්. නිසංසල පුස්පකුමාර නමැති සිසුවාය.
මෙම සිසුන් තිදෙනා දිය නමින් සිටියදී එක වරම ආ රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර පසුව සිද්ධිය දැක ප්‍රදේශවාසීන් සිසුන් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබේ. අතුරුදන් වූ සිසුවා රළ පහරට ගසාගෙන දියඹට යාම හේතුවෙන් බේරා ගැනීමට නොහැකි වී තිබේ.
අතුරුදන් වූ සිසුවා සොයා ප්‍රදේශවාසීන් සහ මාරවිල පොලිසිය මැදිහත්ව මෙහෙයුම් සිදු කරයි. රෝහල්ගත කර සිටි සිටින සිසුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මිහිර විජේසේකර මාරවිල
Comments
Post a Comment
Your comment will be visible after approval