
කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන මූල්‍ය විගණක නිලධාරිනිය වූ පාතාංජලී භාරතී නමැති කාන්තාව හෘදයාබාධයකින් ප්‍රංශයේදී ඉකුත්දා (6) මියගොස් තිබේ.
යුද සමයේදී කොටි සංවිධානය සතු සියලු මුදල් විගණනයට ලක් කරන ලද්දේ ඇය විසිනි. යුද්ධය හමාර වීමට ආසන්නයේදී ඇය ප්‍රංශයට පලා ගොස් එහි සිටි දෙමළ ධනවත් ව්‍යාපාරිකයකු සමඟ විවාහ වී ඇයද ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇත. ඇගේ සැමියාද කොටි සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කළ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. සිවනේසන් බාබු නමැති ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිය බිරිය හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බවයි. ප්‍රංශයේ චෙරන් වැනිෆාම් නමැති ව්‍යාපාර සමූහයේ අයිතිකරු තම බිරිය බවද ඔහු ප්‍රකාශ කොට ඇත.
රසුල දිල්හාර ගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval