
ඇමරිකාව, ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කිහිපයක් වෙත එවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වෙළෙඳපොළ වටිනාකමක් ඇති විස මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළත් පාර්සල් 7ක් පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනයක තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) සවස අත්අඩංගුවට ගනු ලැබීය.කුරියර් සේවාවක් මගින් මෙම මත් ද්‍රව්‍ය පාර්සල් 7 එවා ඇති අතර කුෂ් නමැති ගංජා කිලෝ ග්‍රෑම් 08 ක්,
මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 ක්, එක්ස්ටසී පෙති 350 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 ක් ඒවායේ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
අයිතිකරුවන් මෙම පාර්සල් මාස දෙකක පමණ කාලයක් තිස්සේ රැගෙන නොගොස් තිබීම නිසා, රේගුව එම පාර්සල්වල සඳහන් ලිපින පිළිබඳව සොයා බලා ඇති අතර එම ලිපින ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර ඇත.මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දීමට නියමිතය.
ටී.කේ.ජී. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval