කොළොන්නාව උමගිලිය ක්‍රීඩාපිටිය අසල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර පලාගිය සැකකරුවන් දෙදෙනකු
පැය 24 ක් යාමටත් පෙර පෙරේදා (13) අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.සැකකරුවන් සතුව තිබූ නීතිවිරෝධි පිස්තෝලයක් තියුණු ආයුධ, යතුරුපැදියක්, ජංගම දුරකථන 07 ක්, හෙරොයින් ග්‍රෑම් 07ක් මිලි ග්‍රෑම් 500 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් කොළොන්නාව හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඩුබායි හි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි ධනුෂ්ක නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන චන්දන නමැත්තා මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධව ඇති වූ ගැටලුවක් මත පාන් අනුර නමැත්තාගේ පුත්‍රයාට වෙඩි තැබීම සඳහා ඉකුත් වෙඩික්කරුවන් කොලොන්නාව උමගිලිය ක්‍රීඩාපිටිය අසලට ඉකුත් 12 වැනිදා පැමිණ ඇති අතර එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එම වෙඩි තැබීම ව්‍යර්ථවී ඇත.වෙඩික්කරු සහ සහායකයා පසුව පලාගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවද කියන චන්දන නමැත්තාගේම නවාතැනක සැඟවී සිටිය දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval