
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පත්කර තිබේ.
මේ දක්වා ඔහු දරමින් සිටි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර ඒ අනුව හිස් වන අතර එකී තනතුරට නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇති බවට සතින්අන්ත පුවත්පත් වාර්තා කර තිබේ.
නිහාල් රණසිංහ මහතා දැනට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධූරය දරයි. ඊට පෙර ඔහු ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.
ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා කටයුතු ඇරඹිම මගින් රනිල් වික්‍රමසිංහ ජනපති අපේක්ෂක ලෙස ලබන වසරේ තරග වැදීමට නියමිත බව ඒ අනුව ඉඟි කෙරේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ජනාධිපතිවරණය එළැඹෙන වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙනු ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval