අද (16) කල්කටා නුවර පැවති ලෝක කුසලාන ක්‍රිකට් දෙවන අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගත් අතර ඒ අනුව අවසන් තරගයට දැනටමත් සුදුසුකම් ලබා ඇති ඉන්දියාව සමග ඕස්ට්‍රෙලියාව ලෝක කුසලානය වෙනුවෙන් 19 ඉරිදා තරග වදිනු ඇත.
අද තරගයේ පිතිකරණයේ මුලින් යෙදුණ දකුණු අප්‍රිකාව ඕස්ට්‍රෙලියාවේ සාර්ථක පන්දු යැවීම් හමුවේ අඩපණ වූ අතර

ලකුණු 101 ක් ලබාගත්තේ මිලර්ය. ක්ලාසෙන් 47 ක් හා ජෙරල්ඩ් 19 ක් ලද අතර අනෙක් සියලුම ක්‍රීඩකයින් 10 හෝ ඊට අඩු ලකුණු ලබාගැනීම විශේෂිතය. මේ හේතුවෙන් අර්ධ අවසන් තරගයකට ප්‍රමාණවත් ලකුණු ගනනක් දකුණු අප්‍රිකානුවන් රැස් කර තිබුනේ නැත. 49.4 ඕවරයේදී සියල්ල දැවී රැස් කළේ 212 පමණි.
මෙම ඉලක්කය ඕස්ට්‍රෙලියාව පසුකර ගියේ 47.2 ඕවරයේදීය.
තරගය සියතට ගත් ඕස්ට්‍රෙලියාවේ පන්දු යවන්නන් වූයේ කඩුළු 3 බැගින් ලබාගත් ස්ටාර්ක් හා කමින්ස්ය. ට්‍රාවිස් හෙඩ් 62 ක් රැස් කළේය

.