
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලද බව විභාග දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා රාත්‍රී නිවේදනය කලේය.
අයදුම්කරුවන්ගේ අංක අනුව ලබාදෙන ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයේ ඒඒ දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පිට කර තිබෙන අතර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 154 බවය.හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 150 ක් වන අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 145 කි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 147 කි.

Comments
Post a Comment
Your comment will be visible after approval