strong-tremors-felt-in-delhi-nearby-cities-after-6-4-magnitude-nepal-earthquake

සිකුරාදා (3) නේපාලයේ දේශීය වේලාවෙන් රාත්‍රී 11:32 ට රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති විය. අසල්වැසි ඉන්දියාවට සහ චීනයට, විශේෂයෙන් උතුරු ඉන්දියාවට දැනෙන්නට තරම් මෙම කම්පන ප්‍රබල වූ අතර, තම නිවෙස්වලින් පිටතට ගොස් වීදිවලට ​​පැමිණි නිවැසියන් අතර භීතියක් ඇතිවුනැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

නේපාලයට පැයක් ඇතුළත භූමිකම්පා හතරක් සිද්ධවී ඇති බවට වාර්තා පළව ඇත. රික්ටර් මාපකයේ 4.6 සහ 6.2 ක භූමිකම්පා විනාඩි 25 ක් ඇතුළත සිදු වූ අතර, රික්ටර් පරිමාණයේ 3.8 මිනිත්තු 15 කට පසුව  විනාඩි 13 කට පසුව සිදු විය.


ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව්, නොයිඩා ප්‍රදේශයට ද බිහාර්හි පට්නා ටද කම්පනයක් දැනී ඇත.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය නේපාලයේ ඇති බව වාර්තා වන අතර, කම්පනයේ තීව්‍රතාවය කලාපය හරහා කම්පන තරංග ඇති කළේය. හානිය සහ ජීවිත හානිවල නිශ්චිත ප්‍රමාණය තවමත් තක්සේරු කරමින් පවතින අතර පළාත් පාලන ආයතන දැඩි අවධානයෙන් සිටී.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව නේපාලයේ බිරේන්ද්‍රනගර් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 6.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති විය. ( පසුව 6.4 ලෙස වෙනස් විය)



භූමිකම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඇති වූ බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCS) පවසයි. එය 28.84 N අක්ෂාංශයක සහ 82.19 E දේශාංශයක සිදුවී ඇත. මාසයක් තුළ නේපාලයට ප්‍රබල භූකම්පන ඇති වූ තුන්වන අවස්ථාව මෙයයි.

නේපාලය පිහිටා ඇත්තේ භූමිකම්පාවලට අතිශයින් අවදානමට ලක්විය හැකි ලොව වඩාත් ක්‍රියාකාරී භූගෝලීය කලාපයක ය.

2015 අප්‍රේල් මාසයේදී රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවකින් නේපාලයේ 8,000 කට වැඩි පිරිසක් මිය ගොස් 21,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.