
ගල්පාත ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එල්ල වූ අකුණු සැර පහරක් වැදීමෙන් ඇති වූ කම්පනයකින් පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
අඟුරුවාතොට පොලිසිය පැවසුවේ අකුණු පහරින් සිදු වූ කම්පනයෙන් ඊයේ රාත්‍රියේදී මෙම සිසුවා මියගොස් ඇති බවයි. මියගිය සිසුවාගේ දෙමාපියන් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත, බටගොඩ – වටුගොඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
අකුණු සැර සැර එල්ල වන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැඳී සිට ඇති අතර එහිදී ඇති වූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් වාර්තා වෙයි.
ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවත් සඳහන්. මියගොස් ඇති සිසුවාගේ ශරීරයේ බාහිර කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෘතදේහය ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර; පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval