
පසුගියදා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආරක්ෂා කළ සේවකයන් වෙනුවෙන් ලබා දුන් ඩොලර් 55000ක මුදල තවමත් එම සේවකයන් වෙත ලැබී නැතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.
එම මුදල්වලට සිදුවුයේ කුමක්දැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් සභානායක , ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ එම මුදල් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා සමග සාකච්ඡා කරන බවය.
ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ.ෂා ඩොලර් 50000ක්ද අවසන් මහ තරගයේ වීරයා වූ මොහොමඩ් ශිරාජ් ඩොලර් 5000ක් ද වශයෙන් ඩොලර් 55000ක් එම සේවකයන් වෙනුවෙන් ලබා දෙනු ලැබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval