himaya-beach-resort-arrestd-police-man

නඩුවක් අවසන් කරන බව පවසා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ  කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, අල්ලස් සහ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට  ගෙන තිබෙයි.





කාන්තාවකගෙන් ලැබුණු පැමිණිලලක්ට අනුව ක්‍රියාත්මක වු  අල්ලස් දෙපාර්මේන්තුවේ නිලධාරීන් කල්මුණ ප්‍රදේශයේදී මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි.

කල්මුණේ පොලිසිය විසින් පවත්වා ගෙන යන නඩුවකට සම්බන්ධ අම්පාර වරිපතන් චේන මජීඩ් පුරම් ප්‍රදේශයේ  පදිංචි කාන්තාවකගෙන් උසාවියේ  ඇති නඩුව අවසන් කර දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් එම කාන්තාව සමග කල්මුණේ හිමායා බිච් හෝටලයේ සිටි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙයි.