The-couple-who-went-to-the-UK-by-boat-capsized-and-died

කුඩා බෝට්ටුවකින් දේශසීමා මුහුදු මාර්ගය  හරහා එක්සත් රාජධානියට යාමට උත්සාහ කළ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් බදාදා දිනයේ දී දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම පලායාමේ සංසිද්ධිය අවස්ථාවේ බෝට්ටු වලින් ගමන් ගත්  පනස් අට දෙනෙකු බේරා ගන්නා ලද අතර, දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් හයිපෝතර්මියාවෙන් පීඩා විඳිති.

මෙම නවතම ඛේදවාචකය පැමිණෙන්නේ,  වසර 40කට පසු සිදු වූ 2021 නොවැම්බර් 24 වන දින  පුද්ගලයින් 27 දෙනෙකු දියේ ගිලී මිය යාමේ දෙවන සංවත්සරයට දින දෙකකට පෙරය .

උතුරු ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ පසුගිය දිනවල දේශසීමාවේ තවත් මරණ හතරක් සිදුවී ඇති බවයි. ඉන් දෙකක් කැලේස් සහ ඩන්කර්ක් අතර අධිවේගී මාර්ගයේ සිදු වී ඇති අතර , අනෙක් මරණ ගැටුමක් හේතුවෙන් සිදු වී ඇත.  

ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන ආකාරයට , බදාදා දිනයේ දී බුලෝන් නගරයට ආසන්න වෙරළ තීරයක මිනිසුන් 100 ක් පමණ ඇළමාර්ගය තරණය කිරීමට බලා සිට ඇත.

කැරලි මර්දන ඒකකයක් සහිත පොලිසිය විසින් මෙම පුද්ගලයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට ඇත. එම අවස්ථාවේ දී දියේ ගිලී මියගිය පුද්ගලයා සහ කාන්තාව ඇතුළු කණ්ඩායමක් පොලිසියට හසු නොවීම සඳහා හැකි ඉක්මනින් බෝට්ටුවට නැග ගමන් ආරම්භ කර ඇත. එම යාත්‍රාව ප්‍රංශ වෙරළේ සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකදී දෝෂයක් ඇති වී පෙරළී ගිය බව පසුව වාර්තා විය. ඒත් සමගම ප්‍රංශ බලධාරීන් විසින් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළේය.

එක්සත් රාජධානියේ සරණාගතයින් සහ සංක්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්ෂ ස්ටීව් වැල්ඩෙස්-සිමන්ඩ්ස් පැවසුවේ, “මෙම ජීවිත හානියෙන් හද කම්පා වී ඇති බවත් , මිය ගිය පිරිසගේ පවුල් වලට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්ය.  එසේම නව ස්වදේශ ලේකම්වරයා මෙම යථාර්ථයට මුහුණ දිය යුතු තැනැත්තා වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“පවුලේ සහ වෙනත් සම්බන්ධතා ඇති පුද්ගලයින් සඳහා එක්සත් රාජධානියට ඇතුළු වීමට ආරක්ෂිත මාර්ග ඇත.  එහෙත් වෙනයම් ආකාරයේ  සාධාරණ හා කාර්යක්ෂම සරණාගත ක්‍රියා පටිපාටි සඳහා ආරක්ෂිත ප්‍රවේශයක් එරට තුළ දැකිය නොහැකි අතර, එම නිසාම මිනිසුන් අනතුරුදායක හරස් මාර්ග ඔස්සේ රටට ඇතුළු වීමට දිගටම උත්සාහ කරයි.



“එක්සත් රාජධානියේ හා ප්‍රංශයේ  දේශසීමා තුළ සිදුවන මරණ ඉහළ ගොස් ඇති බවයි. ගෞරවාන්විත පිළිගැනීමක් ලබා දීම සඳහා අපගේ ප්‍රතිපත්ති වෙනස් කළ යුතු අතරම, සුළු ගෞරවයක් පමණක් ඉල්ලා සිටින මෙම පුද්ගලයින් සඳහා ආරක්ෂිත මාර්ග කිහිපයක් ලබා දිය යුතුය." යැයි උතුරු ප්‍රංශයේ සංක්‍රමණිකයන්ට ආධාර සපයන ප්‍රංශ NGO Utopia 56 හී Axel Guadinat පැවසුවේය.

බදාදා දින සිදු වූ මෙම මාරාන්තික තරණයෙන් පැය කිහිපයකට පසු සංක්‍රමණිකයන් 58 දෙනෙකු රැගත් තවත් බෝට්ටුවක් බ්‍රිතාන්‍යයේ ඩන්ජිනස් වෙත පැමිණියේය. මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 26,000ක් පමණ මෙම ඇළමාර්ගය තරණය කර ඇති අතර එය පසුගිය වසරේ සංඛ්‍යාවට වඩා තුනෙන් එකක පමණ අඩු වීමකි. කුඩා බෝට්ටු මගින් හරස් මාර්ග හරහා සිදුවන සංක්‍රමණ නවතාලීම සඳහා වසර තුනක අරමුදලක් ලෙස එක්සත් රාජධානිය විසින් ප්‍රංශයට පවුම් මිලියන 500 ක් ගෙවා ඇත.