අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තමා වරදක් නොකළ බව එම සිවුර පෙරෙවුවා යැයි කියන ආයුර්වේද වෛද්‍ය වනසිංහ ඒ. අමරනන්ද පවසයි.
අවුකන විහාරාධිපති හිමියක් ඊයේ ඔහු හදුන්වා දුන්නේ විශේෂවේද වෛද්‍යවරයෙකු ලෙසිනි. ආයුර්වේද වෛද්‍ය අමරනන්ද මහතා කියන්නේ
මේ වන තුරු ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් නොකළ බව ඔහු පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.
‘මම අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා.
මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ

Comments
Post a Comment
Your comment will be visible after approval