
ඉරිදා දින සහ පෝය දිනවලදී සියලුම උපකාරක පංති පැවැත්විම තහනම් කර නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඉරිදා දිනවල පස්වරු 02.00 දක්වා සහ පෝය දිනවල සම්පුර්ණ දිනයේදී උපකාරක පංති පැවැත්විම තහනම් කර ඇත.
මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඒ සදහා පොලිසියේ සහ අදාල පළාත් පාලන ආයතනයේ සහය ලබාගන්නා ලෙස එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදි ඇත.
ඉරිදා දිනයේ දහම් අධ්‍යාපනයට යෙදවිමට තරම් කාලයක් නොලැබෙන ලෙස උපකාරක පංති රැල්ලක් නිර්මාණය වී තිබිම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval