
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වීම නිසා නායක දසුන් ශානකට සති තුනක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි.
දසුන් ශානක වෙනුවට සෙසු තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති අතර එම පියවර ඉසව් තාක්ෂණික කමිටුව විසින් අනුමත කර ඇත.
චාමික කරුණාරත්න දැනටමත් ඉන්දියාවේ සිටින අතර සඳුදා ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ මීළඟ තරඟය සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර එළඹෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval