Risk-of-fleeing Gaza-attack-civilian-convoy-children-women-killed

උතුරු ගාසා තීරයෙහි එක් ඉවත් කිරීමේ මාර්ගයක් ඔස්සේ පලා යමින් සිටි සිවිල් රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 12 දෙනෙක් මිය ගිය බව බීබීසී ලෝක සේවය තහවුරු කළ සාක්ෂි සහිතව වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරය වීඩියෝවකටද නැගී ඇති අතර වීඩියෝව සිතාගත නොහැකි සංහාරයක දර්ශනයක් බවත්, කනගාටුදායක හා කම්පන සහගත දර්ශන පෙළක් බවත් බීබීසිය විස්තර කරයි.
එහි දැක්වෙන්නේ මිනිසුන් පිරිසක් ලොරියක් දෙසට දුවන ආකාරයයි. සමහරු ඊට නගින අතර තවත් සමහරු දර්ශනය රූගත කරති.
ඔවුන් දුමෙන් පිරුණු වාතය තුළට ගොදුරු වූවන් වෙනුවෙන් යාච්ඤා සහ විලාප හඬ නඟයි, ඔවුන්ගේ කටහඬ විටින් විට කාර් හෝන් හඬින් ගිලිහී ගියේය.
කැමරාව ලොරිය වෙත ළඟා වන විට, ප්‍රහාරයේ භයානකකම මතු වීමට පටන් ගනී.
ලේ විලක් පෙන්වන අතර වටපිටාවේ පිපිරුමෙන් ඇඹරී ගිය සිරුරු කිහිපයක්  විසිරී ඇත.


දර්ශනයට අනුව ලොරියේ අනෙක් පැත්තේ පැහැදිලිවම අවුරුදු හතරකට වඩා අඩුකුඩා දරුවෙකුගේ සිරුරක්ද හදුනාගන්නට ලැබේ.
ප්‍රහාරයට පෙර රූගත කරන ලද අනෙකුත් දර්ශනවලින් පෙන්නුම් කළේ ආරක්ෂාව පතා දකුණට ගමන් කරන පුද්ගලයන් 30 ක් පමණ ලොරිවල පිරී ඇති බවයි. සමහරු වාහනයෙන් විසිවී ගොස් ඇත, තවත් සමහරු දිවි ගලවාගෙන ප්‍රදේශයෙන් පිටව යන්නට ඇත.
කැමරාව ලොරි පසුකර යන විට පෙනෙන්නේ තවත් පිපිරුණු සහ ගිනිගත් වාහන දෙකක් වන අතර වින්දිතයින් එහි ඇතුළත සිටිනු ඇතැයි අනුමාන කර තිබේ.

    උතුරු ගාසා තීරයේ සිට පිටත්ව යද්දී කාන්තාවන් සහ කුඩා ළමුන් ඔවුන්ගේ වාහනවලට පහර දීමෙන් මියගිය බව 'BBC Verify' මගින් තහවුරු කර කියා සිටී
    සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ මියගිය අයගෙන් සමහරක් වයස අවුරුදු දෙකත් පහත් අතර බවයි


උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 පලස්තීනුවන්ට දකුණෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති අතර දහස් ගණනක් වාහනවලින් හෝ පයින් පලා යමින් සිටිති.
    එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ මහා පරිමාණයෙන් ඉවත් කිරීම සඳහා වන ඉල්ලීම අතිශයින් අනතුරුදායක වන අතර ඔහු මානුෂීය ප්‍රවේශය ඉල්ලා සිටි බවකි.
    පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට පහර දීමෙන් ඊශ්‍රායලයේ 1,300 කට වැඩි පිරිසක් මිය ගියහ.