
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පිටිය තුළදී සහය ලබාදෙන්නෙකු ලෙස ජාත්‍යන්තර විචාරකයින්ගේ පවා අවධානය දිනාගත් පර්සි අබේසේකර මහතා කාලයක් තිස්සේ පැවති රෝගාබාධ වලින් පසු අද දින ජීවිතය හැර ගියේය. මියයන විට ඔහුගේ වයස 87 ක් විය.
1936 ජූලි 30 වැනි දින ගාල්ල – බූස්සේ දී උපත ලද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ පුද්ගලයකු විය.
ඔල්වරසන් දෙමින් ජාතික ධජය ඔසවා ක්‍රීඩකයින්ට ගෞරව පුදකරමින් පිටිය පුරා සිය රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ශක්තියක් සැපයූ ඔහු කන්ඩායම ගැන ප්‍රේක්ෂකයින්ට ධනාත්මක ආකල්පයක් මතුකරන්නටද දායක වූයේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වන්නා ලෙස දීර්ඝ කාලයක් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කර රෝගාතුරව සිටි පර්සි අබේසේකර මහතාට මීට මසකට පමණ පෙර ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ද පිරිනමා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval