bangladesh-oposision-leaderarrested

බංග්ලාදේශයේ විපක්ෂ නායක සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් ඩකාහි පැවති ප්‍රචණ්ඩ ආන්ඩු විරෝධී විරෝධතා වලින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (බීඑන්පී) මහලේකම් මිර්සා ෆක්රුල් ඉස්ලාම් අලම්ගීර් චෝදනාවලට මුහුණ දී සිටින අය අතර සිටින බව නිලධාරියෙක් පැවසීය.අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු යැයි කියමින් සති අන්තයේ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පැමිණ සිටියහ.


මෙම විරෝධතාවයේදී එක් පොලිස් නිලධාරියෙකු මෙන්ම එක් විරෝධතාකරුවෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.


75 හැවිරිදි අලම්ගීර් මහතා අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් පරස්පර වාර්තා තිබේ.බංග්ලාදේශයේ අගවිනිසුරුවරයාගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහු රඳවාගෙන සිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.නමුත් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ සෙනසුරාදා විරෝධතාවයේදී පොලිස් නිලධාරියා මිය යාමෙන් පසු මිනීමැරුම් චෝදනාවකට ඔහුට සහ තවත් BNP සාමාජිකයින් 164 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි.පොලිස් නිලධාරියා කපා කොටා ඝාතනය කර ඇති බව සදහන් වන  අතර, ඝාතනය සම්බන්ධයෙන් BNP ක්‍රියාකාරීන්ට චෝදනා කරයි.මෙයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.සභාපතිනිය සහ හිටපු අගමැතිනී Khaleda Zia දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර පහකට සිරගත කළ දා සිට Alamgir මහතා පක්ෂයට නායකත්වය දී ඇත.


BNP පක්ෂයේ ප්‍රකාශක Zahir Uddin Swapan පැවසුවේ පසුගිය සතිය තුළ පක්ෂ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් 3,000කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, ඩකා පොලිසිය පැවසුවේ අවම වශයෙන් විපක්ෂ ක්‍රියාකාරීන් 1,480 ක් අත්අඩංගුවට ගෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බවයි.
බංග්ලාදේශයේ දේශපාලනය දිගු කලක් තිස්සේ පාලන ආධිපත්‍යය දරන්නේ හසීනා මහත්මිය සහ ෂියා මහත්මිය අතර  වන අතර ඔවුන් දෙදෙනාම අගමැති ලෙසද  කටයුතු කර ඇත.