
මීගමුවේ කුරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායිකාවක අපයෝජනය කළැයි එම සංගීත කණ්ඩායම සාමාජිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ජා- ඇල පොලීසිය සඳහන් කරයි.
ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
එම සංගීත කණ්ඩායමටම අයත් සාමාජිකාවක වන කුරණ පෙදෙසේ පදිංචි 28 හැවිරිදි තැනැත්තිය පැමිණිල්ල ඉදිරිපත් කරමින්, සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ප්‍රවාහනය පහසුකම් සදහා තම කණ්ඩායමට ලබා දී ඇති බස්රථයේදී සැකකරු කායිකව සහ වාචිකව තමන්ට ලිංගික අතවර කරන ලදැයි සඳහන් කර ඇති බව ජා-ඇල පොලීසිය පවසයි.
ජා-ඇල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
- තිස්ස කොටින්කඩුව - ජා-ඇල
Comments
Post a Comment
Your comment will be visible after approval