
පෞද්ගලික මගී බස් රථයක් අලව්ව - නාරම්මල මාර්ගයේ දම්පැලැස්ස පාලම ආසන්නයේ දී ඊයේ (19) දහවල් අඩි විස්සක් පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් කාන්තාවක මියගොස් ඇති අතර දහ අට දෙනකු තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති බව නාරම්මල පොලීසිය කියයි.බරපතළ තුවාල ලැබූ හත් දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මගීන් රැගත් බස් රථය අලව්ව සිට නාරම්මල දක්වා ධාවනය වෙමින් තිබිය දී මෙසේ ප්‍රපාතයට පෙරළී ඇති බව පොලීසිය කියයි. අනතුරෙන් මියගොස් ඇත්තේ නාරම්මල,කිවුලේගෙදර පදිංචි ස්වර්ණා මුණසිංහ නමැති පනස් හැවිරිදි දෙදරු මවක වන අතර ඇය නාරම්මල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන බවද පොලිසිය සඳහන් කරයි. ඇය ඇඟලුම් කම්හලේ සේවයට ගොස් කෑම වෙලාවේ තම ගම් ප්‍රදේශයේ බැංකුවකට ණය වාරිකයක් ගෙවා සේවා ස්ථානයට බස් රථයෙන් ආපසු යමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇත. බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
හේමලතා ඩී.හේවගේ


Comments
Post a Comment
Your comment will be visible after approval