
ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි පියාණන්ගේ අභාවයෙන් පසු ඔහුගේ එකම දියණිය මාධවී වත්සලා සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබේ.
එහි 2016 ජැක්සන් ලියූ කවියක් සටහන්වේ.
මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේ
මේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේ
අන විනේ කොයිබදැයි නොදන්නා හේඩාවේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ
හැන්දෑව පුරන්නට ඉර යන්ට ඕනේ නෑ
මද්දහනත් අන්ධයි හිත ඇතුලේ මගේ
කලිකාල පහු කරං මං එන්නෙ මේ පාරේ
උඹෙ පියවර පස්සෙන්මයි සංසාරේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ..
- ජැක්සන් ඇන්තනී (2016)




Comments
Post a Comment
Your comment will be visible after approval