
ගායක අතුල අදිකාරි හා ගායිකා සමිතා මුදුන්කොටුවගේ එකම දියණිය කවින්ද්‍යා 20 සිකුරාදා යුග දිවියට පිවිසියාය.
ඇය අතගත් මනාලයා knights නමැති සංගීත කණ්ඩායමේ සාමාජික සංගීතඥ දනිඳු පෙරේරා ය.මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකි.
ප්‍රවීණ සංගීතවේදී අතුල අදිකාරි හා ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ ආභාසය ලබමින් කලා කටයුතු වල නියැළෙන කවින්ද්‍යා අදිකාරි කාලයක් ‘16 ප්ලස්‘ නමැති සිරස රූපවාහිනී වැඩසටහනේ ඉදිරිපත් කිරීමේ ශිල්පිණියක ලෙස ජනප්‍රිය වූ අතර පසු කලෙක ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝර සරප‘ සිනමා පටයේ ප්‍රධාන නිළිය ලෙසද රංගනයට එක්ව සිටියාය.
විවාහ උත්සවය චාම් ලෙස ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් මැද සිදුකරද්දී දිගු කලෙකට පසු අතුල සමිතා දෙදෙනම පැමිණ දියණිය වෙනුවෙන් ආශිර්වාද ලබාදෙන්නට එක්ව තිබුණි. එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.



Comments
Post a Comment
Your comment will be visible after approval