
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විදුලි බිල වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමක් නැති බවත් විදුලි බිල වැඩිවීම අනුමත කරේ උපයෝගිතා කොමිසම බවත් කියා සිටි අතර ඒ සඳහා රජයට කරන්න දෙයක් නැතැයි කීය.
ඒනිසා විදුලි බිල ඉහළ යනවාට කළ හැකි එකම දේ ලයිට් නිවාගෙන සිටීම ලෙසද කියා සිටියේය.
“විදුලි බිලත්. වැඩිවෙලානේ.... එක්කෝ ලයිට් නිවල තියාගන්න ඕන. එහෙම නැත්තං. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. හේතුව ගාස්තුව වෙනස් වෙන්නේ පාවිච්චි කරන ඒකක වලට අනුව. වැඩියෙන් පාවිච්චි කළොත් එහෙම රිස්ස යනව. ඒ නිසා. ලයිට් නිවලා ඉන්න එක තමයි මං හිතන්නෙ හොඳ.“
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval