
අද ඉන්දියාවේ ධර්මසාලා හිමචල් ක්‍රීඩා පිටියේ පැවති ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය වෙත බොහෝ අයගේ අවධානය යොමු වූයේ දෙපිලම මේ දක්වා තරගාවලියේ අපරාජිත කන්ඩායම් ලෙස ඉහලින් වැජඹුණ අය වීම නිසාය.
මෙම තරගයේදී ඉන්දියාව කාසියේ වාසිය දිනාගත් නමුත් පළමුව තෝරාගත්තේ පන්දු රැකීමයි.
මුල් ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඕවර 50 ම ක්‍රීඩා කර කඩුලු 10 ට ලකුණු 273 ක් රැස්කරගන්නා ලදි. මිචෙල් 130 ක් හා රචින් රවින්ද්‍ර 75 ක් ලබාගැනීම කැපී පෙනෙයි.කෙසේ වෙතත් කඩුළු 5 ක් ලබාගත් ශාමි ඇතුළු පන්දු බල ඇණිය නවසීලන්ත පිලේ බොහෝ අනෙක් ක්‍රීඩකයින් අඩු ලකුණු වලින් දවාගන්නට සමත්විය.
දෙවැනිව පන්දුවට පහරදෙන්නට පැමිණි ඉන්දීය පිල මෙම ලකුණු ගණන පසුකර ගියේ 48 වන ඕවරයේදීය. කෝලි ශතකයකට පෙර 95දී දැවී ගියේය. රෝහිත් 46 ක් ජඩේජා 39 ක් ලබා ගත්හ.
ඉන්දීය පිලේ මේ ජයග්‍රහණය සමග දිගටම සිය අපරාජිත බාවය රැකගන්නට ඉන්දීය පිල සමත්ව සිටී. මෙවර ලෝක කුසලානයේදී නවසීලන්තය සිය පළමු අමිහිරි පරාජය ලබාගත්තේය.


Comments
Post a Comment
Your comment will be visible after approval