
අද (20) පස්වරුවේ පාර්ලිමේන්තු බිම් මහලේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සජබ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන අය අතර ඇතිවූවේ යැයි කියන ගැටුමක් සම්බන්ධ වාර්තා පළව තිබේ.
මෙම සිදුවීමෙන් පසුව සභාගර්භයෙන් පිටතදී තමන්ට මන්ත්‍රීවරයෙකු විසින් පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත්කර විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇත.අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් සහ රමේෂ් පතිරණ මෙම කමිටුවට නම් කර ඇත.
ගැටුමේ වීඩියෝවක් යූටියුබ් ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් තිබේ.
මෙහිදී කාන්තාවන්ට අපහාස කරනවා කියමින් රාජ්‍ය ඇමතිවරිය බැණවදින අයුරු හා එම කතා වීඩියෝ කරමින් පිළිතුරු දෙන පිරිමි මන්ත්‍රීවරු ගැන 'නිසරු' සංවාද ශ්‍රවණය කළ හැකිය.
එම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval