A-certificate-own-car-Singapore

සිංගප්පූරුවේ  මෝටර් රථයක් හිමි අයෙකු එය මාර්ග වෙත ගමන් කරවීමේ බලපතක ගාස්තුව S$146,002 (රු ලක්ෂ 344) ක් වන වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් ඇත.
රටේ වාහන තදබදයට එරෙහි පියවරක් ලෙස 1990 දී ,වසර 10ක මෙකී හිමිකම් සහතික (COE) ක්‍රමය හඳුන්වා දෙන ලදී.
සිංගප්පූරුවේ අනාගත මෝටර් රථ හිමියන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා COE එකක් ලබාගෙන තිබිය යුතුය.
සෑම සති දෙකකට වරක් වෙන්දේසියක් මගින් මේවා විකුණනු ලබන අතර, විකිණීමට ඇති සහතික ගණන රජය විසින් පාලනය කරනු ලැබේ.ලබා ගත හැකි නව COE සංඛ්‍යාව රඳා පවතින්නේ

,පැරණි මෝටර් රථ කොපමණ ප්‍රමාණයක් මාර්ගයෙන් ඉවතට ගෙන යනවාද යන්න මතයි.
බදු සහ ආනයන බදු සමඟ මෙම පද්ධතියද එකතු වූ විට, ලෝකයේ මෝටර් රථයක් මිලදී ගැනීමට හා පැදවීමට විශාල පිරි වැයක් දැරීමට සිදු වන රට බවට  සිංගප්පූරුව පත්ව ඇත.

උදාහරණයක් ලෙස, නව සම්මත Toyota Camry Hybrid රථයක් සිංගප්පූරුවේ S$250,000ක පමණ මුදලක් වන අතර එයට COE හි පිරිවැය සහ බදු ද ඇතුළත් වේ. එය එක්සත් ජනපදය මිල ගණනට වඩා හය ගුණයක් පමණ ඉහළ අගයක් ගනී.

කුඩා මෝටර් රථ, යතුරුපැදි සහ වාණිජ වාහන සඳහා විවිධ වර්ගයේ COE ඇත.

Toyota Borneo Motors හි Alice Chang BBC වෙත පැවසුවේ නව මෝටර් රථ සඳහා ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් COEs හි මිල ඉහළ යාම තමන් අපේක්ෂා කළ බවයි.



සාපේක්ෂව කුඩා වුවද, සිංගප්පූරුව ලෝකයේ විශාලතම කෝටිපතියන් සංඛ්‍යාවක් සිටින රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත.

කෙසේ වෙතත්, සාමාන්‍ය සිංගප්පූරු වැසියන්ට COE යෝජනා ක්‍රමය තුලින් ඔවුන්ට මෝටර් රථයක් ලබා ගැනීම දුෂ්කර විය හැකි බව වාර්ථා වෙයි.
ලෝකයේ හොඳම ප්‍රවාහන ක්‍රමයක් ලෙස ශ්‍රේණිගත කර ඇති එරට දුම්රිය හා බස් පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කිරීම සදහා නිවැසියන් දිරිමත් කිරීමට රජය උනන්දු වෙයි.
සිංගප්පූරුව ඉදිරි දශකය තුළ රටේ දුම්රිය ජාලය පුළුල් කිරීමට සහ අලුත් කිරීමටද කැපවී ඇත.

මිලියන 5.5 ක පමණ ජනගහනයක් සිටින නගර ප්‍රාන්තයේ පසුගිය වසර තුලදී ධාවණය කර තිබුණේ පුද්ගලික මෝටර් රථ මිලියනයකට වඩා අඩු ප්‍රමාණයකි.