
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ ජයග්‍රහණයේ සතුට සමරන්නට නවසීලන්ත කණ්ඩායමට අද (05) අවස්ථාව උදාවිය.
තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ එංගලන්තය අතර ය.
එහි නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 282ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 283කි.
එම ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.
නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවොන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 123ක් රැස් කළේය.
ලෝක කුසලාන තරගයකදී ශතකයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස රචින් රවින්ද්‍ර වාර්තා අතරට එක්වෙයි.


Comments
Post a Comment
Your comment will be visible after approval