
ශ්‍රී ලංකාවට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් (Alex Mazkov) ය. ඔහු සමග ඔහුගේ බිරිද සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා ද පැමිණ සිටියහ.
ඔවුන් රුසියාවේ සිට මානය වෙත පැමිණ , පසුව එරට මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ගුවන් යානයනින් පස්වරු 02.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. 2019 වසරෙන්, වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාරිය ප්‍රසාද් යසේකර මහතා පැවසීය.
මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක -ටී.කේ.ජී.කපිල

Comments
Post a Comment
Your comment will be visible after approval