
මැලේසියාවේ සෙන්තුල්හිදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකුගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන දෙදෙනකු ක්වාලාලම්පූර් පොලීසියට බාර වී ඇත.සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.මියගිය තිදෙනාගේ සිරුරු ක්වාලාලම්පූර් පොලීසිය විසින් පසුගිය 22 වැනිදා සොයාගනු ලැබූ අතර, එම සිරුරුවල දෑත් පිටුපසට බැඳ, මුහුණු ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබිණි.පුද්ගලයන් තිදෙනා මියයෑමට හේතුව ප්ලාස්ටික් බෑගයකින් මුහුණ ආවරණය කිරීමෙන් හුස්ම හිර වීම බව සෙන්තුල් පොලිස් ප්‍රධානි, සහකාර පොලිස් ප්‍රධානි අහමඩ් සුකර්නෝ පැවැසුවේය.
මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවත්, ඔවුන්ගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ තිබී සොයාගත් බවත්, ක්වාලාලම්පූර් පොලීසිය පවසා ඇත. මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර ඇති බවත්, ඉහළ මහලේ නිවෙස පිහිටා ඇති බවත් පොලීසිය සඳහන් කර තිබේ. මියගිය තිදෙනාගෙන් අයකු නිවෙස අයිති යුවළගේ පුත්‍රයා බවත්, අනෙක් දෙදෙනා නිවෙසේ කුලියට සිටි දෙදෙනකු බවත් ක්වාලාලම්පූර් පොලීසිය ප්‍රකාශ කර ඇත.
විමුක්ති එස්. රුද්‍රිගු


Comments
Post a Comment
Your comment will be visible after approval