western-province-reveanue-licence-issue

වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 27 වනදා සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.මෙය බස්නාහිර පළාත ඇතුළු සියලු පළාත් සඳහා


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් පද්ධති පරිපාලකත්වය දරනු ලබන වාහන වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්  මෙය සිදුවේ.
2023.09.27 සිට 2023.10.02 දක්වා දින 6 ක කාලයක් ආදායම් බලපත් නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. එසේම මාර්ගගත ක්‍රමයද ඊටත් වැඩි කාලයක් නතරවන අතර එය සැප් 24 සිට ඔක් 06 දක්වා වනු ඇත.



2023.09.26 සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර 2023.10.10 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

මාර්ගගත ක්‍රමය (online) යටතේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම 2023.09.24 මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දක්වා තාවකාලිකව අත්හිටුවන බව බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කේ. චම්පා එන්. පෙරේරා මහත්මිය දන්වා ඇත.
නව යාවත්කාල කිරීමෙන් පසු බස්නාහිරට හැර අනෙක් පළාත් පද්ධතිය eRL 2.0 දක්වා වෙනස්වන අතර බස්නාහිර eRL 1.0 තවදුරටත් පවතිනු ඇතැයි ICTA දන්වා තිබේ.