vidya-balan-photos

විද්‍යා බාලන්  1979 උපන් ඉන්දියානු නිළියකි. කාන්තා මූලික චිත්‍රපටවල ඇයගේ භූමිකාවන් සමඟ හින්දි සිනමාවේ කාන්තා නිරූපණයේ වෙනසක් සඳහා පුරෝගාමී වූ ඇය ජාතික චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබුවාය. ඇය 2014 දී ඉන්දීය රජය විසින් පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

විද්‍යා කුඩා කල සිටම චිත්‍රපට වෘත්තිය කිරීමට අපේක්ෂා කළ අතර ඇයගේ ප්‍රථම රංගන භූමිකාව වූයේ 1995 සයිට්කොම් හම් පාන්ච් හි ය. මුම්බායි විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටියදී, ඇය චිත්‍රපට වෘත්තිය ආරම්භ කිරීමට අසාර්ථක උත්සාහයන් කිහිපයක් ගත් අතර රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ සංගීත වීඩියෝවල පෙනී සිටියාය. බෙංගාලි චිත්‍රපටයක් වන භාලෝ තේකෝ (2003) හි රංගනයෙන් ඇය සිනමාවට පිවිසි අතර ඇගේ පළමු හින්දි චිත්‍රපටය වන පරිනීතා නාට්‍යය සඳහා ප්‍රශංසා ලැබුවාය.
විද්‍යා අඛණ්ඩව වාණිජමය සාර්ථකත්වයන් පහක රඟපාමින් ඇයගේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, එය ඇයට විචාරක සහ සම්මාන පිළිගැනීමටද හේතු විය. ඒවා වූයේ Paa (2009), the black comedy Ishqiya (2010), the thrillers No One Killed Jessica and Kahaani (2012), and the biopic The Dirty Picture (2011)  ය. මෙයින් අවසන් චිත්‍රපටය ඇයට හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි විය.
 විද්‍යා විවාහ වී සිටින්නේ චිත්‍රපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර් සමඟයි.