
ඊයේ (03) රාත්‍රියේ තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති අතර
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මනෝ චිකිත්සකවරියක බව පොලිසිය පවසයි..
තලංගම,නෙරළු උයන ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබී මෙම කාන්තාවගේ සිරුරක් සොයාගෙන තිබූ අතර
මියගිය තැනැත්තිය 53 හැවිරිදි වියේ පසුවන ඇය කිසිවෙකු ගාතනය කර පලාගොස් ඇති බවට සැක පහළවී තිබේ.
මෙය ඝාතනයක් බවට සැක කරන බවත් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval