
ගාල්ල නාගොඩ මංසන්ධියේ පැවැත්වෙන නිකිණි මේලා සැණකෙළියේ මාරක ළිඳේ යතුරු පැදි ධාවනය කිරීම සඳහා පැමිණි යතුරුපැදි ධාවකයකු නාගොඩ පාලම මත සිට පිහිනීම සඳහා ගිං ගඟට පැන තිබූ අතර ගගේ ජල පහරට හසු වී ඔහු මිය ගොස් ඇති බව නාගොඩ පොලිසිය සඳහන් කරයි.
මුලදී ඔහුගේ සිරුර සොයාගන්නට බැරිව ගියත් පසුව උනන්විටිය ප්‍රදේශයෙන් සිරුර හමුවිය.
ධාරාණිපාත වාර්ෂාවත් සමඟ ගිං ගඟේ ජල මට්ටම ද වැඩි වී ඇති අතර අතුරුදන් වූ යතුරුපැදි ධාවකයා 03 දා උදෑසන වන විටත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසා තිබුණි. අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ගංගාවේ ජලය බොර පැහැයට ලක්ව ඇති නිසා අතුරුදන් වු පුද්ගලයාගේ සිරුර සොයා ගැනීම නාවික හමුදාවට පවා අපහසු විය.
මියගොස් ඇත්තේ මීගමුව දුපත ප්‍රදේශයේ පදිංචි ඉන්දික පීර්ස් නමැති 42 හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔහු තම මිතුරකු සමග නාගොඩ පාලම මත සිට වීරකමක් ලෙස පෙන්නා පිහිනීම සඳහා ගිං ගඟට පැන ඇත. මෙම අවස්ථාවේ පැන්න මිතුරාගේ දිවි බේරී ඇත.
නාගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

Comments
Post a Comment
Your comment will be visible after approval