
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ බ්‍රහස්පතින්දා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පකිස්තානය පරාජයට පත් කර අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නට සමත් විය. අවසන් පන්දුව දක්වා කුතුහලයක් ගෙන ආ මෙම අපූරු තරගය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට ත්‍රාසය ඇති කරවූවක් විය.
ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන පිල ඕවර 42 කදී ලකුනු 252 ක් ලබාගත් අතර වාර්ෂාව ඇද හැළුන නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 42 දෙපිලටම ලබාදී අඩු ඕවර තරගයක් බවට පත්කරන ලදි.
මේ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල මෙම ඉලක්කය පසුකර ගියේ 42 වන අවසන් ඕවරයේදීය.
මෙම ජයග්‍රහණයට ලකුණු 91 ක් ලබාගත් කුසල් මෙන්ඩිස්ගේ ඉනිම හා ලකුනු 48 ක් ලබාගත් සධීර සමරවීක්‍රමගේ ඉනිම බෙහෙවින් උදව් විය.
අවසන් අවස්ථාවේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී ලකුණු 49 ක් ලබාගත් චරිත් අසලංකද ජයග්‍රහණය කරා පිල මෙහෙයවූවෙකි.
කඩුළු වැටෙමින් තිබී අවසන් ඕවරයේ ලකුණු 8 ක් ගත යුතුව අසීරු අවස්තාවකට පත්වූ අවස්ථාවේ අසලංක ක්‍රීඩා කළ ආකාරය කාගෙත් ප්‍රශංසාවට ලක් විය.
මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව ලබන 17 ඉරිදා ඉන්දියාව සමග අවසන් තරගයට තේරීපත්ව ඇත. පකිස්තානයට අද පරාජය සමග තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන අතර බංගලිදේශයට තවත් තරගයක් ඉන්දියාව සමග පැවතියත් අවසන් තරගයට යාමට හැකියාවක් ලබනුයේ නැත.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ 11 වන වතාවටය.



Comments
Post a Comment
Your comment will be visible after approval