
වත්තලට නුදුරු ගමක පිහිටි මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයකි. කාමර දෙකකින් යුත් නිවාස 30කින් පමණ සමන්විතවු එම නිවාස යෝජනා ක්‍රමය වෙත සතියකට වරක් බැගින් සෑම ඉරිදා දිනකම හිඟමින් ඉල්ලා පැමිණෙන හිඟන්නෙක් සිටියේය. සතියකට වරක් පමණක් පැමිණෙන නිසා එන සෑම අවස්ථාවකදීම අඩුම වශයෙන් රුපියල් දහයක්වත් හිඟන්නාට දීමට එහි නිවැසියෝ පුරුදු වී සිටියහ.
නිවාස යෝජනා ක්‍රමයේ එක් නිවසක පදිංචි වී සිටි උදවිය හිටි හැටියේම විදෙස් ගතවීම නිසා එම නිවස වෙනත් පවුලකට කුලී පදනම මත ලබාදෙනු ලැබීය.
ඊළඟ ඉරිදා දිනයේ එම නිවාස යෝජනා ක්‍රමය වෙත හිඟමන් පැමිණි හිගන්නා පෙරකී නිවාස වෙතද ගොස් ශබ්ද කර හිඟමින් ඉල්ලා සිටියේය.
එම නිවසට අලුතින් පැමිණි පවුල ඉතාමත් ලෝභ පවුලක් බව හිගන්නා දැන නොසිටියේය. ශබ්දය ඇසී ඒ දෙසට පැමිණි කාන්තාව නිවසේ කලින් සිටි කාන්තාව නොවන බව දැනගත් හිඟන්නා කෑගසා හිඟමින් ඉල්ලීය.කාන්තාව හනික ආපසු ගොස් ඉක්මනින් පැමිණ රුපියල් දෙකේ කාසියක් හිඟන්නා අත තැබුවාය. එය දුටු හිඟන්නාට තදින්ම කේන්ති ගියේය.
"රුපියල් දෙකකින් මොනවද ඕයි කරන්ඩ පුළුවන් පොල් අතු ගෙවල් වලිනුත් රුපියල් දහයක් හම්බවෙනවා.
මේ වගේ සහ ගෙදරක ඉදන් රුපියල් දෙකක් දෙන්ඩ ලැජාවක් නැද්ද? " හිගන්නා තදින් කියාගෙන ගියේය.
එයින් ලැජ්ජාවටත් කේන්තියටත් පත්වු කාන්තාවගේ මුහුණ රතු විය. හිගන්නා ලැජ්ජාවට පත් කිරීමටත් සිතා උපායක් යෙදුවාය. රුපියල් දෙකක් දුන්නේ මාරු සල්ලි නැති නිසයි. මේ වලාවේ ගෙදර තියෙන්නේ සේරම රුපියල් පන්දාහේ කොළ විතරයි. මාරු සල්ලි තිබුණානං රුපියල් පනහක් ලේසියෙන්ම දෙන්න තිබුණා. කාත්තාව එසේ කීවේ හිඟන්නා ලැජ්ජාවට පත්වී ආපසු යාවි යැයි සිතාගනය.
එහෙත් හිගන්නා සටන අත්හැරියේ නැත. ඔහු වහාම තම කරේ එල්ලාගෙන තිබුණු මල්ලෙන් මුදල් පසුම්බිය එළියට ගෙන එයින් රුපියල් 4950ක් අතට ගත්තේය. ඉතුරු සල්ලි දෙන්ඩ පුළුවන්. රුපියල් පන්දහසේ කොළේ මට දෙන්න.'' හිඟන්නා එසේ කී විට කාන්තාව ලැජ්ජාවට පත් වී ආපසු යන්නට ගියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval