prabudewa-sri-lanka

ඉන්දීය සිනමාවේ කාලයක් අතිශය ප්‍රකට නළුවෙකු බවට පත්ව සිටි ප්‍රභූදේවා මේ දිනවල ශ්‍රී ලංකාවේ ගත කරයි.
ඉදිරියේදී තිරගත වීමට නියමිත “මුසායි” චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා ඉන්දීය රංගන ශිල්පී ප්‍රභුදේවා ශ්‍රී ලංකාවට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.
ප්‍රභූදේවා චෙන්නායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කර තිබූ අතර එසේ එද්දී ගුවන් සේවිකාවන් සමග ලබාගත් ඡායාරූපද ප්‍රකට විය.
ඔහු ආසියානු කුසලාන අවසන් තරගය නැරඹීමටද ගියේය.කොළඹ බෙලීස් ක්ලබ් වෙතද ගියේය.



සෑම් රොද්‍රිගස් අධ්‍යක්ෂණය කරමින් තිරගත වීමට නියමිත මූසායි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රභූදේවා එම චිත්‍රපටයේ ගීතයක රූගත කිරීම් සඳහා ස්ථානයකට යන අතර අද (18) කැළණි ප්‍රදේශයේ පිහිටි නාගානානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණි බව වාර්තා වේ.
බෞද්ධ අධ්‍යයන ආයතනයේ  බෝදාගම චන්දිම හිමියන්වද මුණගැසුනේය.

ඉන්දීය සිනමාවේ කාලයක් අතිශය ප්‍රකට නළුවෙකු බවට පත්ව සිටි ප්‍රභූදේවා දැන් තරමක් සිනමාවෙන් දුරස්ව සිට මෙම කටයුත්තට අතගසා සිටින්නෙකි.
ප්‍රභුදේවා නළුවෙකු, නර්තන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අතර රසිකයන් ඔහුට වඩාත් ආදරය කලේ නර්තන ශිල්පියෙකු ලෙසයි, ඔහුගේ "උර්වශි උර්වශි" සහ "මුක්තාලා මුකාබලා" වැනි ගීත ඊට හේතු විය.
දැනට 49 හැවිරිදි වියේ පසුවන ප්‍රභූදේවා රම්ලත් නමැත්තිය සමග ඔවුනගේ පළමු විවාහයෙන් දරුවන් තිදෙනෙකි.

වැඩිමහල් පුත්‍රයා 2008 දී වයස අවුරුදු 13 දී පිළිකාවකින් මිය ගියේය. ප්‍රකට නිළි නයනතාරා සමඟ සබඳතාවක් ගොඩනගාගැනීම නිසා ඔහුගේ පවුල් ජීවිතය 2011 දෙදරා ගිය අතර ප්‍රභූදේවා නයනතාරා සමඟ විවාහ වුවහොත්  දෙමළ සංස්කෘතියට අපකීර්තියක් ගෙන දෙන බව කියමින් ඊට එරෙහිව කාන්තා සංවිධාන කිහිපයක් නයනතාරාට එරෙහිව විරෝධතා පැවැත්වූ අතර අනුරුවක්ද පුළුස්සා දමා තිබුණි. මෙයින් පසු 2012 දී නයන්තාරා ප්‍රභූදේවා සමඟ තිබූ සම්බන්ධය අවසන් කළ අතර 2020 මැයි මාසයේදී, ඉන්දියාවේ COVID-19 අගුලු දැමීම මධ්‍යයේ ප්‍රභූ දේවා මුම්බායි හි භෞතචිකිත්සකයෙකු වන හිමානි සමඟ විවාහ විය.