
ගම්පහ ගැමුණු කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කළ පුවත්පත් ලේඛිකාවකද වූ නීලිකා ලක්ෂ්මි ගුරුතුමිය හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
සතිඅග අරුණ පුවත්පතේ කිරණ අතිරේකයට ආරම්භයේ පටන්ම සම්බන්ධ වී සිටිමින් දරුවන් වෙනුවෙන් ඉතා රසවත් කවි, කතන්දර, රචනා ඇතුළු විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හඳුන්වා දුන් බප/ගම්/ කිරිඳිවිට ගැමුණු කනිෂ්ඨ විද්‍යාලයේ නීලිකා ලක්ෂ්මී ගුරුතුමිය අභාවප්‍රාප්ත විය.
මියයන විට 46 වන වියෙහි පසුවූවාය. ඇගේ ස්වාමි පුරුෂයා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කරන සුගත් පෙරේරා මහතාය.
ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු 30 වැනිදා (සෙනසුරාදා) සවස 3.00ට තම්මිට පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

>



Comments
Post a Comment
Your comment will be visible after approval