
පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ , අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.
මේ යටතේ ගුරුවරුන්ට ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුවක්ද ලබා දෙනු ඇති.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ, මෙමගින් යම් යම් මානසික ගැටලුවලට ගොඳුරු වී ඇති ළමුන් හඳුනා ගෙන ඔවුන් ප්‍රතිකාර හා උපදේශනය සඳහා යොමු කරවීමටද පියවර ගන්නා බවයි.
මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෑත කාලීනව පාසල් සිසුන් මානසික ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පෙන්වා දෙන්නේ, අධික ලෙස කේන්ති යාම මෙන්ම මානසික ප්‍රශ්න විසඳා ගැනීමට ඔවුන් තුළ දැනුමක් නොමැති වීම දැඩි ගැටලුවක් බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval