
මාතර සුජාතා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබූ හොඳම යාළුවන් දෙදෙනකු වූ ප්‍රමුදි භාෂණී මුණසිංහ සහ ලෙමාෂා උද්යාකාංසි ශිෂ්‍යාවන් ජීව විදයා අංශයෙන් දිවයිනෙන්ම පළමු සහ දෙවැනි ස්ථාන හිමි කර ගනිමින් වාර්තාවක් තබන්න සමත්ව තිබේ.
මේ දෙන්නා එකම පාසලේ මිතුරියන් වූවාසේම පාඩම් කර ඇත්තේද එකටය.
ප්‍රමුදි සහ ලෙමාෂා ශිෂ්‍යත්ව විභාගය සමත්ව සාමාන්‍ය පෙළ විභාගයෙන් ද A සමාර්ථ්‍යය 09ක් ගෙන මාතර, නූපේ, කමිල් පෙදෙස, අංක 24 නිවෙසේ විශේෂිත කාමරයක් සකස් කර ගනිමින් මව්පිය ආශිර්වාදය මැද පාඩම් කටයුතු කර තිබේ.
මේ ආකාරයට පාඩම් කර ජීව විද්‍යාව වැනි අතිශය තරගකාරී විෂයකින් අවසානයේ ලංකාවෙන්ම පළමුවැනියා දෙවැනියා වන්නට දෙන්නාට හැකිවීම සුවිශේෂ කරුණකි.
තමා ලැබූ ජයග්‍රහණය ගැන ප්‍රමුදි මෙලෙස පැවැසුවාය.
අපි පාඩම් කටයුතු කළේ හරිම විනෝදෙන්. පාලුවක් කාන්සියක් දැනුණේම නෑ. අපේ හිනය වුණේ වෛද්‍ය විද්‍යාලයට කොහොම හරි යන එක. ඒ ගැන හිතේ තියාගෙන ඉලක්කයකට වැඩ කළා. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළා. එයින් ලැබුණු දැනුම අපට විභාගය ලියන්න උපකාරය වුණා."
ලෙමාෂා මෙලෙස කීවාය.
"පාසලේදීත් ටියුෂන් පන්තිවලදීත් විෂය නිර්දේශය සම්පූර්ණ කර තිබූ නිසා ඒ අනුව පාඩම් කටයුතු සිදු කර විභාග දිනය වන විට අපි හිටියේ හරිම සැහැල්ලුවකින්. ඒ සැහැල්ලු මනසින්ම තමයි අපි දෙන්නාම විභාගයට පිළිතුරු ලිව්වේ. මේ ජයග්‍රහණයේ සතුට ගැන කියන්න වචන නැති තරම්, මේ ජයග්රහණයේදී අපේ මව්පියන්, අපේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන් දුන් ශක්තිය සහ ආදරය වචනයෙන් විස්තර කරන්න බැරි කරමි. අපි ඒ අයට පින් දෙනවා."
මාතර, වැවහමන්දුව, සූරිය ආරච්චි පාර, තුන් වැනි පටුමගේ පදිංචි ප්‍රමුදිගේ මව වන ඉන්දිකා සමන්තිනී නරසිංහ මහත්මිය මාතර කෘෂිකර්ම කාර්යාලයට අනුයුක්තව හක්මණ කෘෂිකර්ම බල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශිකාවක් ලෙස සේවය කරන අතර, පියා වන සමන් තිලක් මුණසිංහ මහතා අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ සහකාර අධ්යක්ෂවරයෙකි. එකම සහෝදරිය 2024 වසරේදී සුජාතා විද්‍යාලයෙන් ගණිත විෂයෙන් උසස් පෙළට පෙනී සිටීමට සූදානමින් සිටින්නීය,
ලෙමාෂාගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවකු වන අතර, මව විශ්‍රාමික ගුරුවරියකි. ඇයගේ නැගණියන් දෙදෙනාගෙන් වැඩිමහල් නැගණිය දැනට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අතර, බාල නැගණිය කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටින්නීය.
Comments
Post a Comment
Your comment will be visible after approval